මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා යළි රිමාන්ඩ්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රෙල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 ඒ ඔහුව අද (30) කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. නීතිරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පවරා ඇත එහිදී අනාවරණය වී ඇත්තේ නීතිවිරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර “බර සහතික ” ලබාගෙන ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E තත්ත්වයේ අංකයක් ලබා ගැනීම හා චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොනුව සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් එම රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබල දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ .

ඒ අනුව සැකකරු 27 වැනිදා පස්වරුවේ ඒ කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි    

නව යොවුන් විය අවුරුදු 30 දක්වා සතුටු හිතෙන නවතම අනාවරණයක් මෙන්න

නව යොවුන් විය අවුරුදු 30 දක්වා සතුටු හිතෙන නවතම අනාවරණයක් මෙන්න