මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු[UPDATE]
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(28) දින අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.