ජීවිත අහිමි කළ මාරක යතුරුපැදි අනතුරු තුනක්
පිළියන්දල, කැබිතිගොල්ලෑව සහ පුනරීන් යන ප්‍රදේශවල සිදු වූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ පිළියන්දල නගරයේ නතර කර තිබූ ලොරි රථයක දොර විවෘත කිරිමේදී යතුරුපැදියක් එහි ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවය.
එහිදී මාර්ගයේ ධාවනය වූ තවත් ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් පැදිකරු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
කැබතිගොල්ලෑව, ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් 31 හැවිරිදි පැදිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔහු සෙට්ටිකුලම විශේෂ කාර්යය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්ය. පුනරීන් ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් 24 හැවිරිදි පැදිකරු මියගොස් තිබේ.
-------------------------------------------------
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |