"..මේ සමාජය හරි කුරිරුයි..මගේ දෝණිත් ඒ විදිහට හැදෙන්න එපා." ගමක්ම කොන් කල නිසා ලොකු දුවට ලියුමක් ලියා, පොඩි දුවත් අරගෙනම අවසන් ගමන් ගිය අම්මා...(PHOTOS)
නව වසරේ උදාවේදී අවාසනාවන්ත සිදුවීමක් අනුරාධපුරය තලාව බිදුන්කඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ හිදෝගම ප්‍රදේශයේ දෙදරු මවක් වයස අවුරුදු දෙකක තම බාල දියණියටද පෙට්‍රල් වක්කර ගිනි තබා ඝාතනය කර ඇයද පෙට්‍රල් වක්කර ගනිමින් සියදිවි නසා ගැනීමේ සිද්ධියයි.
ඒ ගම පුරා පතුරවා හැර ඇති චෝදනාවක් නිසා හිත් තැවුලට පත්වීම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම පසුගිය (30 වැනිදා) සිදුව ඇති අතර බරපතල තත්වයේ පසුවූ මෙම කාන්තාව අනුරාධපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියෙදී 01 වැනිදා රාත්‍රියේදී මියගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කේ. දහම්දි නැමති 02 හැවිරිදි දැරිය වන අතර ඇයව ඝාතනය කර සියදිවි නසාගෙන ඇත්තේ නිරෝෂනී විජේසිංහ නැමති කාන්තාවක්. මෙම කාන්තාවගේ සැමියා පෙදරේරුවකු වන අතර මොවුන්ට වයස අවුරුදු 13 ක දියණියක් සහ වයස අවුරුදු 02 ක සිගිතියක් ද සිටිනවා.
මෙම කාන්තාව ගමේ කා අතරත් විශ්වාසය දිනූ කාන්තාවක වූ අතර ඇය බිදුන්කඩ හිදෝගම ගම්මානයේ කාන්තා සමිතියේ ලේකම්වරිය මෙන්ම භාණ්ඩාගාරිකවරිය ලෙසද කටයුතු කර තිබෙනවා. ඇය තනතුරු දැරූ කාලයේ කාන්තා සමිතියේ මුදලක් අඩු වී ඇති අතර මේ හේතුවෙන් ගමේ කාන්තාවන් මෙම කාන්තාවට අවලාද නගා ඇත්තේ ඇය කාන්තා සමිතියෙන් මුදල් සොරකම් කළ බවටයි.
දෙවියනේ හිතන්න පුළුවන්ද මේ අම්මයි පුතයි කියලා..බලන්නකෝ මෙච්චර ලොකු කඩවසම් පුතෙක් ඉන්නවද කියලා කියල මේ නිළියට..(PHOTOS)
මේ හේතුවෙන් පාරක තොටක ගමන් කිරීමේදී ඇයට විවිධ කාන්තාවන් සොරකම් කළ ගැහැණිය වශයෙන් විවිධ අවලාද නගමින් ඇයව ලැජ්ජාවට පත්කරන තැනටම කුරිරු හා අමානෂික වී තිබෙනවා. ඒ ඇය එම මුදල් සොරකම් නොකළ බවට පුන පුනා පවසන පසුබිමකයි. තමාට නැගෙන චෝදනාවලට තමා නිවැරදිකරු ලෙස හිත ශක්තිමක් කරගත් මෙම කාන්තාවට අවසානයේදී ඒ ශක්තිය හීන වී ගියේ ගමේ ගැහැණුන්ගේත් ගැහැණුන් හා සමාන වැඩ කරන පිරිමි පුද්ගලයින්ගේත් කටවල් ඊට වඩා බලවත් වීම හේතුවෙන්.
මේ ප්‍රශ්නය පිළිබඳව ඇය සැමියාට පවසා නොමැති බවයි වාර්තා වන්නේ. මෙම කාන්තාව පසුගිය 30 වැනිදා ලිපියක් ද ලියමින් දෙහැවිරිදි බිලිදියද සමගින් ගොස් තිබුණේ මොවුන්ගේ අක්කරයක ඉඩමක කෙලවරටයි. ඊට පළමුව මෙම කාන්තාව ප්‍රදේශයේ වෙළදසැලකින් ප්‍රෙට්‍රල් කෑනයක්ද මුදල් දී ලබා ගෙන තිබෙනවා. මේ අනුව මෙම කාන්තාව ප්‍රථමයෙන් පෙට්‍රල් බිළිදාට වක්කොට ඇයද පෙට්‍රල් සිරුරේ වක්කර ගනිමින් ගිනි තබාගෙන තිබෙන බවයි තලාව පොලිසිය සදහන් කරන්නේ.
මෙම කාන්තාව විසින් තම වැඩිමහල් දියණිය වූ සිතුමි දියණියට ලියූ ලිපියක්ද නිවසේ තිබී තලාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
“ඔයා අම්මයි නංගියි නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාට තාත්තා ඉන්නවා. අම්මට වෛර කරන්න එපා. අම්මා හොරකම් කරෙත් නැහැ. ඔයාට කවුරු හරි අම්ම ගැන මොන කතා කීවත් ඇහුනේ නැති විදිහට ඉන්න. ඔයාට හැමදාම අම්ම හැමදේම කිව්වේ හැමදෙයක්ම ඉගෙන ගන්න ඕන නිසයි. ඔයාට දැන් ගොඩක් දේවල් තනියම කරන්න පුළුවන්. තාත්තා එක්ක හොදින් ඉන්න. කවදාවත් නැන්දලා එක්කවත් කා එක්කවත් එකට එක කියන්න නැතිව හොද ලමයෙක් වෙන්න. හොදින් ඉගෙන ගන්න. නැන්දලා ඔයාව බලාගනියි. එයාලටත් හොදින් සලකන්න. තාත්තා එක්ක එකතු වෙලා ගෙදර වැඩ ටික කරගන්න.
අම්මයි නංගියි නැති අඩුව තාත්තට දැනෙන්න දෙන්න එපා. තාත්තා මට බනියි මේ කිසිදෙයක් එයාට කිව්වේ නැහැ කියලා. මගේ හිතේ තියෙන බර තාත්තට දීලා එයාගේ හිතේ නිදහසත් මට නැති කරන්න බැහැ. තාත්ත හොයන දේ අනවශ්‍ය විදියට වියදම් කරන්නේ නැතිව හොදින් ඉගෙන ගන්න. මම කොහේ හිටියත් ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයාලට ටික දවසකින් අපිව අමතක කරල සතුටින් ඉන්න. මගේ දොණිට අම්මා ගොඩක් ආදරෙයි මැණික. තාත්තටත් එහෙමයි. ඒත් දෙයියනේ අම්මට දැන් ගොඩක් මහන්සියි. මම දැන් හිටිය ඇති. මට තවත් විදවන්න බැහැ. මේ සමාජය හරි කුරිරුයි. මගේ දෝණිත් ඒ විදිහට හැදෙන්න එපා''
එසේම මෙම කාන්තාව තම සැමියාගේ වැඩිමහල් සහෝදරියට සහ නැගණියටද ලිපියක් ලියා තිබුණි.
අක්කේ, මට හම්බවෙන මරණ පාරිතෝෂිතවලින් ඔයාලට දාපු ණය ෆෝම් එක නිදහස් කරගන්න. නිරෝෂා අක්කා මට රුපියල් හතලිස් දෙදහසක් දුන්නා. එයාගේ බඩු බේරලා දෙන්න. සිතුමිව හොදට බලාගන්න. කිහංසා මම නැතිව ඉන්නෙ නැහැ. ඒ නිසා මම එයාව අරගෙන යනවා. මම නිසා ඔයාලගේ පවුලට අවනම්බුවක් වුනා නම් මට සමාවෙන්න. සිතුමිලාගේ තාත්තට කියන්න හැමදේම යැයි එහි සදහන් කර තිබිණි.
එසේම සැමියාගේ නැගණියටද ලිපියෙන් දැනුම් දීමක් කර තිබුනේ සියදිවි නසාගත්මෙම කාන්තාව විසින් මංජු නැමති කාන්තාවකට ලබාදීමට ඇති රුපියල් හාරසියයක මුදල ද ලබාදෙන ලෙසයි. එසේම තමාගේත් දියණියගේත් මළ සිරුරු එකම පෙට්ටියක තබන ලෙසත් දානය දෙන්න මුදල් මදි නම් පන්සලට පමණක් දානය දෙන ලෙසත් ඇය ඉල්ලීමක් කර තිබෙනවා. (උපුටාගැනීමක්)