අම්මගෙ අනියම් පෙම 13 හැවිරිදි දැරියව ගැබිනියක් කරයි..තාත්තා නැති අතර සිදුවූ දේ..
වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් ඇයගේ මවගේ අනුදැනුම ද ඇතිව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
අදාළ සැකකරු, දැරියගේ පියා රැකියාව කරනු ලබන ස්කැමල් රථයේ සහායකයා ලෙස සේවය කර ඇති අතර, ඔහු දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
වසර තුනක පමණ කාලයක සිට මෙම අනියම් ඇසුර දෙදෙනා විසින් පවතවාගෙන ගොස් ඇති අතර, ඒ අතර වාරයේ ඔහු ඇයගේ නිවසට ද හොර රහසේ පැමිණ ඇති බවට ද අනාවරණය වී ඇත.
වැඩිදුර විමර්ශනවල දී හෙළිව ඇත්තේ, එලෙස පැමිණි අවස්ථාවක මවගේ අනුදැනුම මත සැකකරු විසින් දැරියව දූෂණයකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප ලබාදීමේ බලාපොරොත්තුවෙන් දූෂණයට ලක්වූ දැරියගේ මව පැමිණ සිටි බව ද වාර්තා වේ.
වින්ඳිත දැරිය ගල්ගමුව ප්රදේශයේ ළමා නිවාසයකට පරිවාස මඟින් යොමුකර ඇති අතර ඇය මේ වන විට මාස 05ක ගැබිණියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.