තම පුතාගේ පහරින් මවක් මරු දකියි
By Zara
අද (6) දින මඩකලපුව වාලච්චේන ප්රදේශයේදී පුත්රයාගේ ප්රහාරයකට ලක්වීමෙන් මවක් මිය ගොස් තිබෙනවා.
මියගිය කාන්තාව 65 හැවිරිදි වියේ පසුවූ අතර ඇය යාචකමින් ජීවත් වූ තැනැත්තියකි.
ඇය සමඟ ජීවත් වූ ඇගේ මානසික ආබාධිත 46 හැවිරිදි පුතාගේ ප්රහාරයකින් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට වාලච්චේන පොලිසිය සැකපිට පුතා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.