මොන තරම් ඛේදවාචකයක් ද දෙයියනේ, අම්මා දරු දෙන්නටත් වස පොවලා සියදිවි නසාගෙන

Report

උඩුදුම්බර, තලගුණේ ප්‍රදේශයේ දී මවක් විසින් තම දරු දෙදෙනාට ද වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති පුවතක් වාර්තා වී ඇත.

ඒ අනුව මේ වනවිට අඳාළ මව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙසේ සියදිවි නසා ගෙන මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් නිසා ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

එසේම ඇගේ සැමියා මීට දින දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසු වූ ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වූ දරු තිදෙනා පිරිමි දරුවන් වන අතර, ඔවුන්ද ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත් මෙහිදී පොලීසිය මෙම පවුලේ සුබසාදන කටයුතු වෙනුවෙන් ඉතා සමීපව කටයුතු කරමින් සිටි බව සඳහන්කර සිටියා.

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

දරුණු අනතුරක්, බස් රථයෙන් ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට

දරුණු අනතුරක්, බස් රථයෙන් ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට