ගොම ගොඩකින් මේ වගේ දෙයක්?. නොහිතපු වෙලාවක මතු වුණ දෙය..

Report

ගව ගොම ගොඩක තිබී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් සොයාගත් පුවතක් වාර්තා වේ.

ඒ ඉන්දියාවේ බාලසෝර් ප්‍රදේශයේ පිහිටි බඩමන්දරුනි ගම්මානයෙන් ය.

ඊයේ (16) හයිද්‍රාබාද් සහ ඔඩීෂා ප්‍රාන්තවල පොලිස් කණ්ඩායම් විසින් කරන ලද වැටලීම දී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.

ඡන්දෙට ගෙදර ගිය අයටයි මෙන්න මේ දැනුම්දීම..

ඡන්දෙට ගෙදර ගිය අයටයි මෙන්න මේ දැනුම්දීම..

ගෝපාල් බෙහේරා නමැති සැකකරුවෙකුගේ මාමණ්ඩියගේ නිවස වටලා මෙම මුදල සොයාගෙන තිබෙනවා. 

ගෝපාල් බෙහේරා නැමැත්තා මෙම මුදල ඔහු සේවය කළ ආයතනයකින් සොරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට පළාගොස් සිටින සැකකාර ගෝපාල් බෙහේරා, ඔහු සේවය කළ හයිද්‍රාබාද් හි කෘෂිකාර්මික සමාගමක ලොකරයෙන් මෙම රුපියල් ලක්ෂ 20කට අධික මුදල සොරකම් කර ඇති බව සඳහන් වේ.

හෙට හවස 4 වෙනකම් බලපැවැත්වෙන පරිදී.. ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට හවස 4 වෙනකම් බලපැවැත්වෙන පරිදී.. ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

පසුව ඔහු එම මුදල තම මස්සිනා හරහා ගමට ඒවා ඇති බවට කරුණු අනාවරණය වේ.

මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සිදුකළ වැටලීමක දී ගොම ගොඩක සඟවා තිබූ එම මුදල සොයාගැනීමට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට සැඟව සිටින ප්‍රධාන සැකකරුවන ගෝපාල් බෙහේරා නැමැත්තා සහ ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන අරඹා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.