ඉදිරියේදී යාපනය ලොක්ඩවුන් වෙයිද? උතුරේ කොරෝනා යළි හිස ඔසවයි.

COVID-19 Jaffna Sri Lanka
By Wayomi Apr 21, 2023 08:23 AM GMT
Wayomi

Wayomi

Report

කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ (20) මියගොස් තිබෙනවා.

එමෙන්ම යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය සතියේදී යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන පහසුකම් රෝහල් බලධාරීන් විසින් සපයා දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ව PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුවයි අලුත් කොරෝනා රෝගීන් පස් දෙනා හමු වී ඇත්තේ.

ඒ අනුව කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය පුරා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW