එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ගැන එළියට ආ අලුත්ම වාර්තාව මෙන්න.

Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Mar 28, 2024 04:36 AM GMT
Wayomi

Wayomi

Report

නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි අගය 16,524ක් ලෙස සටහන්වී ඇත.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද අනාවරණය වී තිබෙනවා.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන්වී ඇති අතර අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එය 16,268ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙලෙස නිල දරිද්‍රතා රේඛාව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජාතික හා දිස්ත්‍රික් මට්ටම්වල මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කරන බව සඳහන්.