කෝටිපතියන්ගෙන් වංචා කළ මුදල් වලට තිළිණි ප්‍රියමාලි සිදු කළ දේ.
By Wayomi
මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි දෙසැම්බර් 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මේ අතර තිලිණි ප්‍රියමාලි ඇය නමින් ලිපදිංචි කර ඇති ව්‍යාපාරයක් ඩුබායි රාජ්‍යයයේ පවත්වාගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු අනාවරණය කරනු ලැබුවා.
එමෙන්ම ඇය ව්‍යාපාරිකයන්ගේ වංචා කළ මුදල් ද එම ඩුබාහි ඇයගේ ව්‍යාපාරයට ආයෝජනය කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය සහ මහ බැංකුව හරහා වැඩිදුර තොරතුරු විමසා විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.