රටේ පරිහරණය වන සල්ලි බැංකු සල්ලි නෙමයිලු... සැලකිලිමත් වන්න.

Report

වසරකට රට තුළ සංසරය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත් එකී මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ගනුදෙනු වෙත යොමු විය යුතුව ඇති බවත් ‘ලංකා පේ’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර මුලදී නිකුත් කරන ලද 2024 තෙවැනි කාර්තුව සඳහා වන Payment Bulletin වාර්තාවේ ඇතුළත් 2024 වසර සඳහා මෙරට තුළ සංසරණය වූ සියලුම කාසි සහ නෝට්ටුවල වටිනාකම පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දළදා වදින්න පැමිණෙන්න මාර්ග තුනක්

දළදා වදින්න පැමිණෙන්න මාර්ග තුනක්

“මහ බැංකුව නිකුත් කළ මෙම වාර්තාවට අනුව 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.33 ක් වටිනා කාසි සහ නෝට්ටු රට තුළ සංසරණය වෙලා තිබෙනවා.

එහෙත් ඒ අතරින් රුපියල් ට්‍රිලියන එකකට අධික මුදලක් බැංකු පද්ධතිය වෙත පැමිණ නැහැ. සාමාන්‍ය මහජනතාව හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු එම මුදල් පවතින්නේ ඔවුන්ගේ මුදල් පෙට්ටි තුළ, මෙට්ටේ යට, එහෙමත් නැත්නම් සල්ලි මලු තුළ ඒ කියන්නේ මේ මුදල් පවතින්නේ බැංකු පද්ධතියෙන් පිටතයි.

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය

ඒවාට පොලියක් ලැබෙන්නේ නැ. බැංකුවට යළිත් ණයට දෙන්න ලැබෙන්නේ නෑ. හරියට බැලුවොත් මේ මුදල් කිසිම ප්‍රයෝජනයක් නැති මුදල්. ඒ නිසා තමයි අපි මේ පිරිස ඉලක්ක කර ගනිමින් ඩිජිටල් ගනුදෙනු වෙත පිවිසිය යුතු වෙන්නේ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.