ගෙවීම් සම්බන්ධයෙන් රජයෙන් ගත් තීරණයක් - මුදල් අමාත්‍යාංශයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..
2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව සිදු වේ.
ඒ අනුව පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළ දී එම වසරේ අනුමත සියලු ගෙවීම් පිය වූ එකම වසර බවට 2023 වසර පත් වේ.
එමෙන්ම, 2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල් ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර තිබෙනවා.