පර්ස් එකේ සල්ලි රැඳෙන්නේ නැද්ද? මේ දේවල් කරලා බලන්න...පර්ස් එක සල්ලිවලින් උතුරයි

Report

අපි කවුරුත් වැඩියෙන් මුදල් හම්බ ගොඩක් කැමති වගේම අතේ වැඩිපුර මුදල් තිබෙනවා නම් අපි කවුරුත් කැමතියි.

නමුත් අපි මුදල් වලට නිසි ගෞරවයක් නොදෙන නිසා අප අතරේ මුදල් ගැවසීම ඉතාම දුර්ලභ වෙන වෙලාවල් තියෙනවා.

මුදල් වැඩි වැඩියෙන් උපයා ගන්න සහ ඔබේ අතේ නිතරම මුදල් ගැවසෙන්න ඒවගේම මුදල් ළඟ ඉතුරු කරගන්නට නම් මෙන්න මේ ක්‍රියා ටික ඔබත් ට්‍රයි කරලා බලන්න.

උදව්වට ආපු අයටත් වෙඩි ප්‍රහාර

උදව්වට ආපු අයටත් වෙඩි ප්‍රහාර

උත්සහය වගේම විවිධ විශ්වාසයන් අනුවත් කටයුතු කරන අයට තමයි මේ ලිපිය. ජීවිතය වර්ණවත් කරගන්න පුළුවන් විදියේ පුංචි පුංචි ෆෙංෂුයි ක්‍රමවේදයන් තිබෙනවා.

අද කියලා දෙන්න හදන්නෙත් ඒ වගේ එක් ක්‍රමයක්. ධනවත් පුද්ගලයකුගෙන් මාරු කාසි කිහිපයක් හෝ මුදල් නෝට්ටුවක් ඉල්ලාගෙන (මෙය ධනවත් මිතුරා කැමැත්තෙන්ම කළ යුතුය.)

එය ඔබේ මුදල් පසුම්බියේ දාගන්න. රතු හෝ කළු පාට මුදල් පසුම්බිවල ධන වාසනාව වැඩියි. ඉරීගිය, අව පැහැ ගැන්වූ මුදල් පසුම්බි අසුබයි.

අනුරගෙයි ට්‍රම්ප්ගේ කෙළියෙන් ශ්‍රී ලංකාවට ලොකු අහිමිවීමක් අතළඟ...

අනුරගෙයි ට්‍රම්ප්ගේ කෙළියෙන් ශ්‍රී ලංකාවට ලොකු අහිමිවීමක් අතළඟ...

ඔබ මුදල්වලට ගරු කරන්න. රාත්‍රී කාලයේ දී මුදල් පසුම්බිය ලාච්චුවකට දමා වසන්න.

පැරැණි ඉරී ගිය මුදල් නෝට්ටු ඔබේ මුදල් පසුම්බියේ වාසනාව අඩුකර දමන අතර මුදල් කොළ ගුලි ගසා හෝ අක්‍රමවත් විදියට මුදල් පසුම්බියේ දමන්න එපා.

අනවශ්‍ය කඩදාසි කැබලි, පරණ බිල්පත්, බස් ටිකට් වැනි දේවල්වලින් ද මුදල් පසුම්බිය පුරවන්න එපා.

මේ වෙනස ඔබ අද සිට කර බලන්න. ඔබේ අතේ නැති සල්ලි ඔබව සොයාගෙන එනු ඇත.