තම 5 හැවිරිදි දියණියට මවක් සිදු කළ අපරාදය මාට්ටු වෙයි..

Police Sri Lanka Jaffna Molests a girl
By Aruna Oct 10, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

කිළිනොච්චිය, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ දැරියගේ පියා නිවසේ නොසිටි අවස්ථාවක මව සිය දරුවාගේ කට දෙපස රත්වු හැන්ඳකින් පුළුස්සා දමා ඇති බවය.

දැරියගේ මව ආහාර සකස් කරමින් සිටින අවස්ථාවක දැරිය විසින් සිදුකළ ක්‍රියාවකට උරණ වු මව දැරියගේ කට දෙපස පුළුස්සා දමා ඇති බව පොලීසිය පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසූවේ තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර වෙනුවෙන් කිළිනොච්චිය රෝහල වෙත යොමුකොට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now