නව වසර 9කට පසු මෝදි බලවත් සංචාරය
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ ඊශ්‍රායලයේ සංචාරය කිරීමට සූදානම් වේ.
ඒ අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ ඊශ්‍රායලයට පැමිණෙන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
නරේන්ද්‍ර මෝදි සිය තෙවන ධුර කාලය තුළ ඊශ්‍රායලයේ නිරත වන පළමු සංචාරය ද මෙයයි.
එමෙන්ම වසර නවයකට පසු ඔහු එරටට යන පළමු අවස්ථාව ද මෙය වනවා.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම, බටහිර ආසියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.