ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට නෝර්වේ රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානයක්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඔස්ලෝ සංචාරය අතරතුරදී, ඔහු වෙත නෝර්වේ රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය වන "Grand Cross of the Royal Norwegian Order of Merit" සම්මානය පිරිනමා තිබේ.

මෙම ඇගයීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලද තිස්දෙවන (32) ගෝලීය ගෞරව සම්මානය සලකුණු කරයි. එරට වෙසෙන ඉන්දීය ප්‍රජාවගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් සහ නෝර්වේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වුණු හමුවකින් අනතුරුව මෙම සම්මානය පිරිනමා තිබේ.

යාපනය මඩකලපුව විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම තමිල්නාඩුවට ලබා දෙන්න - මන්ත්‍රී රාමනාදන් අර්චුනාගෙන් දැඩි ප්‍රකාශයක්

යාපනය මඩකලපුව විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම තමිල්නාඩුවට ලබා දෙන්න - මන්ත්‍රී රාමනාදන් අර්චුනාගෙන් දැඩි ප්‍රකාශයක්

මෙම සුවිශේෂී ඇගයීම සිදුවන්නේ, ස්වීඩන් රාජ්‍යය විසින් එරට ඉහළම ගෞරව සම්මානය වන "Royal Order of Polar Star" සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමා පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන්ය.

මෙම සම්මාන ද්විත්වයම, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ පුද්ගලික මිත්‍රත්වයන් ඉස්මතු කරමින් ඔහු දැනට නිරතව සිටින පස්දින විදේශ සංචාරයේ කොටසක් ලෙස පිරිනමා තිබේ. ස්වීඩනයෙන් සහ නෝර්වේ රාජ්‍යයෙන් පිට පිටම ලැබුණු මෙම ගෞරව සම්මාන, වත්මන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වල වැදගත්කම මැනවින් කියාපායි.