සිම්පතක් නිසා රුපියල් මිලියන දහයක්....???

Report

කිසියම් පුද්ගලයෙකු සිම්පතක් අවභාවිත කිරීම තුළින් එම පුද්ගලයා අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරන විට රුපියල් මිලියනයක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා මේනකා පතිරණ මහත්මිය පවසනවා.

එම දඩ මුදල රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් ලක්‍ෂ දහයකට නොවැඩී මුදලක් වශයෙන් හෝ දඩුවමක් වශයෙන් දෙයාකාරයෙන් දඩුවම් ලැබිය හැකි බවයි ඇය සඳහන් කළේ.

හදිසි ධන වාසනාවක් ලැබීමට ඉඩ... ඉවසීමෙන් කටයුතු කරන්න...

හදිසි ධන වාසනාවක් ලැබීමට ඉඩ... ඉවසීමෙන් කටයුතු කරන්න...

එම නිසා කිසියම් පුද්ගලයෙකු සිම්පතක් මිලදී ගැනීමේදී තමන්ගේ නිවැරැදි සහ සත්‍ය තොරතුරු පමණක් ලබා දී එම සිම්පත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මේනකා පතිරණ මහත්මිය තවදුරටත් කියා සිටියේ.

මෙවන විට විදුලි නියාමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කර ඇති අතර ඊට අදාළව මෙම නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇය සඳහන් කළා.

වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වූ සිම්පතක් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සොයාගෙන ඒ පිළිබඳව ද දඬුවම් කළ හැකි බවඇය අවධාරණය කර සිටියා. තවත් පුද්ගලයෙකු මෙන් පෙනී සිටිමින් ව්‍යාජ ලෙස සිම්පතක් භාවිතා කරන්නේ නම් එයද දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට ලැබුණු තෑග්ග

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට ලැබුණු තෑග්ග

එම නිසා තමන්ගේ හැඳුනුම්පතය යටතේ තමන්ගේ නමින් ලියාපදිංචි වූ සිම්පත් වෙනත් බාහිර පුද්ගලයන් භාවිතා කරනවාද නැද්ද යන කාරණාව පිළිබඳව අදාළ පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විදුලි නියාමන කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂකා මේනකා පතිරණ මහත්මිය තවදුරටත් කියා සිටියේ.