හදිසි ධන වාසනාවක් ලැබීමට ඉඩ... ඉවසීමෙන් කටයුතු කරන්න...

Horoscope Astrology Lagna Palapala Latest Headlines Sinhala news
By Akash Apr 11, 2025 01:02 AM GMT
Akash

Akash

Report

මේෂ

තරමක් කාර්යබහුල දිනකි. එදිනෙදා අවශ්‍යතා අලංකාර දේ, බඩු බාහිරාදිය සඳහා වැයපස ද ඉහළ යයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කරයි. දවස ශුභ ඵල දෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: තද රෝස

වෘෂභ

ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සව සාද, සැණකෙළි වැනි දේවල් සඳහා සහභාගි වෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. ව්‍යාපාරවල යෙදෙන්නන්ට ඉතාම ශුභඵල දායකයි. අමතර ලාභද ලබයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතු කරයි.ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

මිථුන

ශුභ ඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. දහමට ද ළැදිවෙයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. ගමන් බිමන් ද යෙදේ. උත්සව සැණකෙළි වැනි දේටද යොමු වන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, උෂ්ණ රෝග මතු කරයි.ජය අංකය: 08 ශුභ වර්ණය: ළා නිල් 

කටක

අවිවේකී බව ගෙන දෙන දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ක්‍රියා කිරීමට සිදුවෙයි. අලංකාර දේවල් සඳහා විය පැහැදම් ඇති වෙයි. තරමක් ගමන් බිමන් බහුල දිනකි. හදිසි ලාභ දෙයි. ශිරෝ රෝග, මුඛ රෝග මතු කරයි.ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන්

සිංහ

තරමක් අලස ගති ඉස්මතු කරයි. දවසට සැලසුම් ක්‍රියා අඩපණ වෙයි. ආවේගශීලී ගති උපදවන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. වැයපස ද ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝගවලට හේතුයි.ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

කන්‍යා

තරමක් ශුභවාදී ඵල දෙයි. තම අරමුණු තරමක් සාර්ථක කරගනී. රැකියාවල ප්‍රබෝධයෙන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදෙන අතර ඔවුන්ගේ වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරන දිනකි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ

තුලා

ශුභාශුභ මිශ්‍රඵල දරයි. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන අතර තරමක් ආවේගශීලි ගති මතු කරවයි. ඉවසීමෙන් දින චරියා ගත කළයුතු හදිසි ධන වාසනා එල්ල වීමට ද නියමිතයි. වාතාධික රෝග ඉස්මතු කරවයි.ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු

වෘශ්චික

ශුභාශුභ ඵල දෙන දිනකි. ගමන් බිමන්වලදී ප්‍රවේශමද මැනවි. රැකියාවල දිරිමත්ව ක්‍රියා කරයි. සතුරු බලවේග දමනය වේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මත පීඩා මතු කරයි. වැයපස වඩාත් ඉහළ යන දිනකි.

ජය අංකය: 04 ශුභ වර්ණය: රතු

අද වහින්නේ මෙන්න මේ පළාත් වලටයි - ඒ වගේම අදත් හෙවනැල්ල අතුරුදහන්

අද වහින්නේ මෙන්න මේ පළාත් වලටයි - ඒ වගේම අදත් හෙවනැල්ල අතුරුදහන්

ධනු

දහමට ළැදිව ක්‍රියා කරන අතර ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සව ක්‍රියාවක් ගෙන දෙයි. තරමක් මිල මුදල් වැයවේ. තම වටිනාකම තම ඥාතීන් අතර ඇති වෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: කහ

මකර

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. පරාර්ථය මුල් කර ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග, මූල රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: නිල්

තීරු බද්ධ නිසා ඇපල් ෆෝන් මිලට සිද්ධ වුණු දේ

තීරු බද්ධ නිසා ඇපල් ෆෝන් මිලට සිද්ධ වුණු දේ

කුම්භ

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ආගමික වතාවත් දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. තම ඥාතීන් අතර ගෞරව ලාභ ලබයි. ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා රෝස

මීන

ශුභාශුභ ඵල දෙයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සව සංවිධානයට සහභාගි වීමට හේතුයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල්ද යෙදෙයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්

ReeCha