මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුට දින 90ක රැඳවුම් නියෝග
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By Gagana News
මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දින 90ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී පසුගිය 18 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පියා, පුතා සහ දියණිය මියගියා.
ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මිගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ දරුවනුයි මෙලෙස මියගියේ.
