ලෝක කුසලානය අතරතුර ක්‍රීඩකයෙක් සිය රට බලා යයි.

Cricket Australia Cricket Team ICC World Cup 2023
By Hashini Nov 02, 2023 06:02 AM GMT
Hashini

Hashini

Report

 ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ඊයේ (01) යළි සිය මව්බිම බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වී සිටින අතරතුරයි.

මිචෙල් මාෂ් මෙලෙස යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මිචෙල් මාෂ් මෙලෙස ලෝක කුසලානයෙන් ඉවත් වී ඇත්තේ දින නියමයක් නොමැතිවයි.

ක්‍රිකට් විස්තර විචාරකයින් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මාෂ් අහිමි වීමත් සමඟ ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමනට දැඩි බලපෑමක් වනු ඇති බවයි.

මිචෙල් මාෂ් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ලකුණු 225ක් සහ කඩුළු 02 ලබා ගෙන තිබෙනවා.  

ReeCha