දන්න කෙනෙක් ඉන්නව නම් මෙම දැරිය ගැන තොරතුරක් වහාම දැනුම්දෙන්න..බලන්න ඇයට වෙච්ච දේ. (PHOTO)

Report

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නේරිය පොලිස් වසමට අයත් සුදුකන්ද – නිකවැව ලිපිනයේ පදිංචි ජේ.එම්. සුරේනි නදීෂා නමැති බාලවයස්කාර දැරිය අතුරුදන් ව තිබෙන බව වාර්තා වනවා.

මෙම දැරිවිය පසුගිය 10 වැනි දින සිට නිවසෙන් අතුරුදන් ව ඇති බවටයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිවිය අතුරුදන් වීමට දින 03කට ඉහත දී ප්‍රදේශයේ විවාහක පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් දැරියගේ පියා විසින් එය නවත්වන ලෙසට ද ඇයට තරවටු කර තිබෙන බවයි පැවසෙන්නේ.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.


ඇයගේ පියා පොලිසියට පවසා ඇත්තේ, ඉන් අනතුරුව ඇය මෙලෙස අතුරුදන් ව ඇති බවයි.

දියණිය අතුරුදන් බවට දැනගත් පසු ඒ පිළිබඳව දැරිය ප්‍රේම සබඳතාව පැවැත්වූවා යැයි සැලකෙන විවාහක පුද්ගලයාගෙන් ද විමසුව ද හෙතෙම පවසා ඇත්තේ ඇය තමන් සමග නොපැමිණි බවයි.

ඇය ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් මින්නේරිය පොලිස් ස්ථානයට දන්වන ලෙස දෙමාපියන් මෙන් ම පොලිසිය ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Gallery