අබුඩාබියට මිසයිල ප්‍රහාරයක් - දෙදෙනෙක් මරුට
අබුඩාබියේ ස්වෙයිහාන් වීදියේ (Sweihan Street) සිදුවූ බැලස්ටික් මිසයිල සුන්බුන් පතිත වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් එම ප්‍රදේශයේ නවතා තිබූ වාහන කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන් වේ.
සිද්ධිය වාර්තා වූ වහාම හදිසි සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ ඇති අතර, තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට සහ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.