මැද විවේකයකදි ලෝකයට කියූ රහසක් – 'මට පියයුරු පිළිකාව තියෙනවා.. රූ රැජින සටන ඇරඹේ..

Report

2025 ලෝක රූ රැජින කිරුළය තායිලන්ත තරගකාරිණියක වන 21 හැවිරිදි ඔපල් සුචතා චුවාංස්රි විසින් දිනා ගන්නා ලදී. කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් ඇය මෙවර තරගයේ කැපී පෙනුණාය.

2003 මාර්තු 20 වන දින තායිලන්තයේ ෆුකෙට්හි ව්‍යාපාරික පවුලක උපත ලද ඔපල්, තනෙට් ඩොන්කම්නර්ඩ් සහ සුපතා චුවාංස්රිගේ දියණියකි. ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් මෙන්ම බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකි. 2024දී තායිලන්ත රූ රැජින කිරුළ දිනූ ඇය, එම වසරේ විශ්ව රූ රැජින තරගයේදී තෙවන ස්ථානය හිමි කර ගත්තාය.

Aishwarya එක්ක Stage එක Share කළ අපේ සුරූපිණිය ගැන හෙළිවුණු රහස්!

Aishwarya එක්ක Stage එක Share කළ අපේ සුරූපිණිය ගැන හෙළිවුණු රහස්!

දැනට තම්මාසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ඇය, ත්‍රිභාෂා දක්ෂතාවයෙන් ද යුක්තය.

තායිලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව, 16 වන වියේදී ඇගේ පියයුරුවල ගැටිත්තක් හඳුනාගෙන ඇති අතර, එය පිළිකා නොවන ගැටිත්තක් බැවින් එය ඉවත් කිරීමට ශල්‍යචිකිත්සාවකට භාජනය වී ඇත. මෙම අත්දැකීම ඇයට පියයුරු පිළිකා දැනුවත්භාවය වැඩි කිරීමේ ආභාෂයක් ලබා දුන්නේය. ඒ අනුව, ඇය තායිලන්තයේ “ඔපල් ෆෝ හේර්” මුලපිරීමේ නිර්මාතෘවරිය ලෙස පියයුරු පිළිකා රෝගීන්ට සහාය වෙයි.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ඇගේ සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් කරගනිමින්, ඇය රූපලාවන්‍ය තරග හරහා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවූවාය. 2021දී ඇගේ පළමු තරගයට සහභාගී වූ ඇය, 2022දී මිස් යුනිවර්ස් තායිලන්ත තරගයේ ලාබාලතම තරගකාරිණිය ලෙස මිස් නැචුරල් බියුටි සම්මානය සහ තෙවන ස්ථානය දිනා ගත්තාය.

2025 ලෝක රූ රැජින තරගයේදී, ඇය තම අත්දැකීම් උපයෝගී කරගනිමින් පියයුරු පිළිකා සහ එහි වින්දිතයින් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමටත්, ගෝලීය වශයෙන් මෙහි බලපෑම පුළුල් කිරීමටත් කැපවූවාය.

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

GalleryGalleryGalleryGalleryGalleryGallery