සේල් ! සේල්!! බිරිඳ හුවමාරු කරගන්න කැමති ද ? කියලා බුකියේ අමුතුම සෙල්ලම් දාන අයියගේ කෙරුවාව පත්තු වෙච්ච හැටි
සමාජ මාධ්‍ය කියන්නේ අපිට බොහෝම සමීප සම්බන්ධතා ඇති කරනවා වුණත්, තවත් වෙලාවක ඒක හිරිහැරයක් කරදරයක් වෙන හැටිත් අපිට දැකබලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය හිටපු ගමන් වගේ, කාන්තාවන් “අනේ තවත් අසහානකාරයෙක්, රිපෝට් කරලා දෙන්නකෝ“ කියලා ෆේස්බුක් එකේ පෝස්ට් එහෙමත් දාන්නේ.
ඒ අතරතුරේ මේ විදිහේ අසහනකරුවන්ගේ “තිප්පොළවල්“ ගැනත් අපිට වරින් වර අහන්න ලැබෙනවා. ඒ විදිහට සෙල්ලම් දාපු “අයියා කෙනෙක්“ පසුගිය දවසක පොලිසියට මාට්ටු වුණා.
යා කරලා තිබුණේ “සැමියන් සහ බිරින්ඳෑවරුන්“ හුවමාරු කරන එක. මේක ඇත්තෙන්ම ඉතාම අපූරූ වැඩක්. ඒ කියන්නේ ඒ විදිහේ මේ ලෝක රහක් නැති කියලා අපි හිතන (ඒත් එයාලාට අනුව ඒක වෙනස්.) දේවල් ඒ අය බොහෝම උජාරුවෙන් වන්දනාමාන කරනවා.
මේ කියන “අයියා“ත් තමන්ගේ බිරිඳව අනිත් අය එක්ක හුවමාරු කරගන්න තරම් අමුතු මානසික රෝගයකින් පෙළුණු කෙනෙක්. (ඉතින් ඒ වගේ අයට අනුකම්පා කරන්න ඕනි නේද ?) “සර් ඉතින් උන් කැමතිනම් උන්ගේ ගෑනිව මට දෙන්න.. මම මොනා කරන්නද ?“ ඒකත් ඇත්ත කතාව.
මේ “අයියා“ට අනුව එයා කරන්නෙ සමාජ සත්කාරයක්ලූ. අසීමිත, අසාමාන්‍ය ආශාවන්වලින් පෙළෙන මිනිස්සුන්ව එක තැනකට එකතු කරන එක, එක්කෝ එයාට දිව්‍ය ලෝකේ යන්න තරම් හේතුවක් වෙනවලූ.
හැබැයි මේ අසහනකාරයින් හරහා සිද්ධ වෙන තවත් භයානක දෙයක් තියෙනවා. ඊයේ පෙරේදා දවසක ආයෙම අපිට දැනගන්න ලැබුණා, තාම අවුරුදු පහළොවක්වත් නැති පුංචි කොල්ලෙක් කරපු නරුම වැඩක් ගැන. එයා ඒක කරලා තියෙන්නෙ තමන්ගෙම ඥාති සහෝදරියකට.
ඒ හැමදේටම එයාට පිටුවහලක් වුණේ “ටැබ් එක“ කියලයි එයා පොලිසියේ මාමලට කියලා තියෙන්නෙ. සමාජ මාධ්‍ය කියන්නෙ “18ට වැඩියි“ කියලා කැටගරි කරපු එකක් නෙවෙයි. ඉතින් තමන්ට ලැබෙන පුංචි මොහොතෙදිත් මේකට එබෙන එක, ඒකේ තියෙන අමුතු දේවල් හොයලා බලන එක පුංචි උන් කරනවා.
අන්න ඒ නිසයි අර අයියාගේ වැඩේ “අමන වැඩක්“ වෙන්නේ. ඒ වගේ අයියා කෙනෙක්ගේ වැඩක් නිසයි පසුගිය දවසක ගොඩනැගිල්ලකින් පහළට පොඩි එකෙක් පැනලා තුවාල කරගත්තේ. මේ කියන අසැබි වෙබ් පිටු, ෆේස්බුක් පිටු අද කිසිදු වාරණයක් නැතිව, සීමාවක් නැතිව ප්‍රචාරණය වනවා.
ඔන්ලයින් ගණිකාවන් අලෙවි වෙනවා. ඒක කොයි තරම් බිහිසුණු ක්‍රියාදාමයක් වුණත්, ඒ අය මේක නතර කරන් නැහැ. අර කියපු අයියා සමහරවිට ආපහු නිදහස් වෙයි ? ඒ ඇවිත් තව සංසදයක් හෝ සංගමයක් දාවී ! එදාට මොනා වේවීද කියලා දෙවියෝ තමා දන්නේ !?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |