මින්නේරියේ බිහිසුණු අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

Report

මින්නේරිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක් ඉස්සර කිරීමට යෑමේදී බස් රථය යතුරු පැදියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඒ අනුව පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාසය හමාර ප්‍රදේශයේදී ඊයේ (08) දින රාත්‍රියේදී සිදුවු මෙම අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

එසේම පොලීසිය අනාවරණය කර ගෙන ඇත්තේ බස් රථ රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කළ සිටි බවයි. මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ පසු පස ගමන් කර ඇති හැදල වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයෙක් වන අතර ඔහු මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපළක සේවයේ නියුතු පුද්ගලයෙකු බව සඳහන්.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු ප්‍රදේශවාසීන් හා පොලීසිය මැදිහත්ව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රේක්ෂකයන්ගේ සෝසුම් මැද ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් ජීවිතක්ෂයට

ප්‍රේක්ෂකයන්ගේ සෝසුම් මැද ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් ජීවිතක්ෂයට

මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අනතුරින් රත්නපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක් වන යතුරුපැදිකරුද තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි.

එසේම අනතුර සිදුවන විට බස් රථය හා යතුරු පැදිය මින්නේරියේ සිට ගිරිතලේ දෙසට එකම දිශාවට ධාවනය කර ඇති බවත් බස් රථය අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙසට යතුරු පැදිය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් මින්නේරිය පොලීසිය සඳහන් කරයි.

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

අනතුර සම්බන්ධයෙන් කදුරුවෙල පදිංචි 39 හැවිරිදි බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගංජා පානය කර සිටි බවට කරුණු අනාවරණය වී ඇත.

මේ අතර අත්අඩංගුවට ගන්නා ලද බස් රථ රියදුරු මින්නේරිය පොලීසිය විසින් අද (09) දින හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිලධාරීන් සිදුකරගෙන යනු ලබන බව සඳහන්.

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලේත් දැවැන්ත සොරකමක් - 6ක් අත්අඩංගුවට

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලේත් දැවැන්ත සොරකමක් - 6ක් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක්

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක්