ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක්

Report

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය හා මර්දනය සඳහා කෙටිකාලීන හා දිගු කාලීන සැලැස්මක් සකස් කිරී‍ම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමුව තිබේ. ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

රෝග මර්ධනය සහ පාලනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි පුළුල් වශයෙන් සාකච්ඡා වී ඇති අතර විශේෂයෙන් රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අදාළ තීන්දු තීරණ රැසක් ද මෙම සාකච්ඡාවේදී ගෙන ඇති අතර ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද නිලධාරීන් වෙත අවධාරණය කර තිබේ. මේ වසරේ ජනවාරි මස 01 වනදා සිට ගතවූ සති 17 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 18,749 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දී ඇත.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම මාසය ‘විශේෂ මදුරු මර්දන මාසය‘ ලෙස නම් කර තිබේ. චිකන්ගුන්යා රෝගය ද ව්‍යාප්ත කිරීම සිදුකරනු ලබන්නේ ඩෙංගු රෝග වාහන මදුරු විශේෂය බැවින් නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමෙන් එම රෝග දෙකම පාලනය කර ගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙයි.

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්