ඇමති ව්ශ්‍රාම වැටුප් ගැන විශේෂ ප්‍රකාශයක්..!

By Sewvandhi May 21, 2023 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීම වැනි ජනප්‍රිය යෝජනා යට යෑම වැළැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව  ප්‍රකාශ කළා.

දෙහිඕවිට ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔහු මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද, එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ කතිකාවක් ගොඩ නැගී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා