මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි ඇමැති හඳුන්නෙත්ති කියයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව ප්‍රකාශ කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ .
අමාත්‍යවරයා ඉල්ලා සිටියේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල මිලට වඩා විදේශ රටවලින් ආනයනය කරනු ලබන එම භාණ්ඩවල මිල අඩු නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙසයි.
පනවා ඇති බදුවලටත් වඩා අඩු මිලකට සපත්තු, ටයිල්, ලයිටර්, ගිනිපෙට්ටි ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන රට තුළ අලෙවි කරනු ලබයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි භාණ්ඩ විය හැකි බවත් මේ පිළිබඳව සොයා බලා විධිමත්ව පැමිණිලි කිරීම කර්මාන්තකරුවන්ගේ වගකීමක් වන බවයි .
තවද රජයට පමණක් පාලනය කළ නොහැකි ක්‍රියාවලියක් වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තව දුරටත් පෙන්වා දී තිබේ.