ඇමති විජිත හේරත් මෙල්බර්න් නුවරදී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරනු ලබන එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ නිල හමුවක් අද (31) පස්වරුවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව පවත්වා තිබේ.

මෙල්බර්න් නුවර සංවිධානය කර තිබූ විශේෂ රාජ්‍යතාන්ත්‍රික දිවා භෝජන සංග්‍රහයක් අතරතුරදී මෙම හමුව සිදු වූ අතර, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ මෙලෙස සුබවාදී අයුරින් අදහස් හුවමාරු කරගැනීමට ලැබීම පිළිබඳව අමාත්‍යවරයා සිය සතුට පළ කර සිටියේය.

අද විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනය මෙන්න

අද විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනය මෙන්න

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මාවතකට යොමු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී ඇත. මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම මෙන්ම දෙරටේ රජයන් අතර පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම දැඩි අවධානය යොමු විය.

රස කර කර සීනි කෑවද? මාරාන්තික රෝග වැලක් අත ළගම - රටේ ජනතාව ප්‍රවේශමෙන් ආහාර ගන්න

රස කර කර සීනි කෑවද? මාරාන්තික රෝග වැලක් අත ළගම - රටේ ජනතාව ප්‍රවේශමෙන් ආහාර ගන්න

මීට අමතරව වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ස්ථිරව වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාව  මුහුණ දෙන විවිධ කරුණු සහ ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය පිළිබඳවත්, දෙරට අතර පවතින වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා වඩාත් පුළුල් කරගත හැකි විධිමත් මාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ඇමති විජිත ,

'අද පස්වරුවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙල්බර්න් නුවර පැවැති දිවා භෝජන සංග්‍රහයක දී හමුවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. ​මෙහිදී පාර්ලිමේන්තු සහයෝගීතාව ඉහළ නැංවීම, රජයන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහයෝගය දැක්වීම මෙන්ම වෙළඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. ​එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මම එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මගේ ස්තූතිය පිරිනැමුවෙමි.'