අද විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනය මෙන්න

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස්වසම තුළ අද රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

මේ අනුව රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:00 දක්වා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසල සිට ගම්සභා හන්දිය දක්වා කොළඹින් පිටවීමට සහ කොළඹට ඇතුලු වීමට එක් මන්තීරුවක් පමණක් විවෘතව ඇති බව එම නිවේදනයේ සදහන් වේ.

සුළු මොහොතකට පෙර සයිනොපෙක් හා ලංකා අයි.ඕ.සී සහ ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර සයිනොපෙක් හා ලංකා අයි.ඕ.සී සහ ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ රාත්‍රී 8:00 සිට රාත්‍රී 11:00 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය තාවකාලිකය වසා දැමෙන අතර රාත්‍රී 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පරණ කැස්බෑව මාර්ගය නුගේගොඩ නාවල වටරවුම සිට දෙල්කඳ හන්දිය දක්වාද තාවකාලිකව වසා දැමෙන බවයි.

තෙල් මිල වැඩි වුණා විතරයි ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට? ජනතාව අපහසුතාවය පත්වෙන ලකුණු

තෙල් මිල වැඩි වුණා විතරයි ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට? ජනතාව අපහසුතාවය පත්වෙන ලකුණු