ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයට අයත් ලොරියක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා භාවිතා කිරීම තුළින් රජයේ දේපළ අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව දැන දැන්ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබාගනීම, බදු ගෙවීම පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන පැවැත්වේ. 2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී තිබේ.

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි