“කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලට යටවෙලා” - ඇමති ආනන්ද විජේපාලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! [VIDEO]

Report

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය ගෙන එන අණපනත් ජනතාව මර්දනය කිරීමට නොව අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එම පනත් සම්බන්ධයෙන් විරෝධතා පවතින පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලට යටවී කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, පොලීසියට එරෙහිව පවතින විරෝධතා පිටුපස ද සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බලපෑමක් පවතින බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජය ගෙන එන අණපනත් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් භාගයකටත් පරිගණකය තනිව භාවිත කළ නොහැකියි - ඩිජිටල් තාක්ෂණය ඉහළ යද්දී පරිගණක සාක්ෂරතාව පහළට

ශ්‍රී ලාංකිකයන්ගෙන් භාගයකටත් පරිගණකය තනිව භාවිත කළ නොහැකියි - ඩිජිටල් තාක්ෂණය ඉහළ යද්දී පරිගණක සාක්ෂරතාව පහළට

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"රජයේ සැලසුම ඉදිරියටත් මත්ද්‍රව්‍ය මර්දනය අඛණ්ඩව පවත්වාගෙන ඉදිරියට ගිහිල්ලා මේ රටෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම, ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වලා හොඳ සමාජයක් හදන එක තමා අරමුණ. පනත් සම්බන්ධයෙන් විරෝධය තියෙන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉඩකඩ තියෙනවානේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා ඇත්ත විරෝධය තියෙන අය. ඒ වගේම තව කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලට යටවෙලා කටයුතු කරන ආකාරයකුත් දකින්න තියෙනවා. මේ ආණ්ඩුව කිසිම ජනතා විරෝධී පනතක් පාවිච්චි කරන්නේ නැහැ ජනතාව මර්දනය කරන්න. අපිට අවශ්‍යයි... සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් ඉන්නවා. ඒ අපරාධකරුවන් නීතියේ රැහැනට ගේන්න අවශ්‍ය අණපනත් තමයි අපි හදන්නේ. එහෙම නැතුව මේ ජනතාව මර්දනය කරන්න හෝ එක එක වෘත්තීය සමිති හෝ වෙන ශිෂ්‍ය ව්‍යාපාර මේ පනත්වලින් බැහැර කිරීම් කරලා තියෙනවා. ඒ විරෝධතා, මහා දේශපාලන මතවාදයන් දැරීම, මේ වගේ ප්‍රකාශන ඒවා සියල්ලම ඒ පනත්වලින් බැහැර කරලා තියෙන්නේ. ජනතාව නොමඟ යවන්න සමහර පිරිස්, විපක්ෂයේ කණ්ඩායම් විවිධ ආකාරයේ අර්ථකථන දෙමින් තියෙනවා. ඒවට යට වෙන්නේ නැහැ. මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට ගෙනෙන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. විරෝධතා තියෙන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ කාරණා ඉදිරිපත් කරලා ඒ පනතට එරෙහිව කටයුතු කරන්න හැකියාව තියෙනවා. පොලීසියට එරෙහිව තියෙන විරෝධතාවයත් කුඩු ජාවාරම්කරුවන්ගේ, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ විරෝධතා තමයි තියෙන්නේ. ඒවට පොලීසිය යට වෙන්නෙත් නැහැ. පොලීසිය මේ යවන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න. පොලීසිය තුළ මේ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඔවුන්ගේ වැඩ තහනමට ලක් කරලා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කරනවා."

කොළඹ ජනතාව පීඩාවට - ගෑස් සැපයීමේ දරුණු ගැටලුවක් - මහල් නිවාස වෙත දැනුම්දීම්

කොළඹ ජනතාව පීඩාවට - ගෑස් සැපයීමේ දරුණු ගැටලුවක් - මහල් නිවාස වෙත දැනුම්දීම්