කොළඹ ජනතාව පීඩාවට - ගෑස් සැපයීමේ දරුණු ගැටලුවක් - මහල් නිවාස වෙත දැනුම්දීම්
මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෑස් අර්බුදය හේතුවෙන් කොළඹ පිහිටි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල වෙසෙන ජනතාවට ගෑස් සැපයීමේ ගැටලුවක් උද්ගත වී ඇති බවයි.
රටේ මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් නිවාසවලට ගෑස් සැපයීමේදී ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති අතර කොළඹ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල නිවාස සඳහා නළ මාර්ග පද්ධතියක් ඔස්සේ ගෑස් බෙදාහැරීම සිදු වේ.
වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් ගෑස් භාවිත කරන මෙන් කොළඹ ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ට එම මහල් නිවාස සංකීර්ණයේ කාර්ය මණ්ඩලය කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බවයි.
එමෙන්ම අදාළ මහල් නිවාස සංකීර්ණයේ විදෙස් තානාපතිවරු, ව්‍යාපාරිකයෝ ඇතුළු බොහෝදෙනෙක් පදිංචි වී සිටින අතර එම මහල් නිවාස සංකීර්ණය මේ වන විට සිය අවසාන ගෑස් තොගය භාවිත කරමින් සිටින බවත් ඉතිරි ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ භාවිත කරන ලෙසත් පදිංචිකරුවන්ට දැනුම් දී ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට නාරාහේන්පිට පිහිටි මහල් නිවාස සංකීර්ණයක ද මෙම මාසයට පමණක් ප්‍රමාණවත් පරිදි ගෑස් තිබුණද දෙසැම්බර් මාසයේදී භාවිත කිරීමට ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් එම මහල් නිවාස සංකීර්ණයේ කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව ඇත.
එමෙන්ම සමහර මහල් නිවාස සංකීර්ණවලට ‘හෝම් ඩිලිවරි’ ක්‍රමය ඔස්සේ ගෑස් සිලින්ඩර සැපයෙන අතර මේ දිනවල එම සේවාවන් ද නවතා දමා ඇතැයි පදිංචිකරුවෝ පවසයි.
ඊයේ දිනද ගෑස් නොමැතිවීම හේතුවෙන් ලංකාව පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇත. නොවැම්බර් මාසයේදී ගෑස් රැගත් නෞකා තුනක් ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් හම්බන්තොට පර්යන්තය හරහා දේශීය වෙළෙදපොළට ගෑස් සැපයීමට අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට බලධාරින් සමග කටයුතු කරමින් සිටින බවත් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්
ඒ අනුව නොවැම්බර් 12-14 දිනවල, නොවැම්බර් 24-28 අතර දිනවල හම්බන්තොට වරායට නැව් දෙකක් සහ නොවැම්බර් 15-17 අතර දිනවලදී කොළඹ වරායට එක් නැවක්ද පැමිණීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම දන්වා සිටියි.
මෙරට ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට හම්බන්තොට පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ලබාදෙන ලෙස ලාෆ්ස් ටර්මිනල්ස් සමාගම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. අතිරේක සැපයුම් ආරක්ෂණ පියවරක් ලෙස 2027 වසරේ ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත ඍජුව සැපයීම සඳහා නව ටෙන්ඩරයක් ද සිය සමාගම කැඳවා ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.