එක පෑන් ඉරෙන් ඔක්කොම කරන්න බෑ - ඇමති නලින්ද
නව රජය බලයට පත්වීමට පෙර සිටම දූෂණ වංචා විරෝධී ක්‍රියාවන්වල නිරත වූ බොහෝ දෙනෙකුට දඬුවම් පැමිණවන බවත් නිසි ලෙස ආර්ථික තත්ත්වය සකසමින් රට ස්ථාවර කරන බවටත් පොරොන්දු දුන්නේය.
ජනතාව මේ වන විට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්න කරන මෙවන් සමයක ආර්ථික වශයෙන් පරිහානියට පත්වූ රටක් අදියරෙන් අදියර ගොඩනගමින් ආර්ථික වර්ධනයක් උදාකර ගනු ලබන අවස්ථාවක සියලු අඩුපාඩු එක් පෑන් පහරකින් සම්පුර්ණ කර ගත නොහැකි බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරියේ දී සියල්ල යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 48වන ගුණ සමරුමට සහභාගී වෙමිනි.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි. සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගුණ සමරුමේ සමරු දෙසුම පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය නාරද වර්ණසූරිය මහතායි.
මහාචාර්ය සේනක බිබිලේ මහතා 1977 වර්ෂයේ සැප්තැම්බර් 29 දින ගයනාවේ දී අභාවප්‍රාප්ත වූ අතර එම දිනය සමරමින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 29 දින අඛණ්ඩව මෙම සැමරුම් උත්සවය පවත්වනු ලබයි.