බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉන්දියාව හා මෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා

Report

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පවත්වා ඇත.

ඒ අනුව එහිදී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, මේ වන විට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡා කර ඇති බව සඳහන්.

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

එමෙන්ම මෙම හමුවේදී ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සමග ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා අවම මිලක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඇතුළු කරුණු රැසක්ද මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වැඩිදුර පුහුණු අවස්ථා ලාංකිකයන්ට ලබාගැනීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර සාකච්ඡා කර තිබෙනවා.

එමඟින් මූලික එකඟතා කීපයක් ඇති කර ගැනීමට හැකි වී ඇති බව පවසයි.

මේ අතර බලශක්ති ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයන් සම්බන්ධ ඉන්දියානු අත්දැකීම් පිළිබඳවද බලශක්ති අරමුණු ඉටුකර ගැනීමෙහිලා එකී ආයතන ව්‍යුහයන් තුළ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය මඟින් සංවිධානය කළ බලශක්ති සංක්‍රාන්ති සමුළුව සහ ප්‍රදර්ශනය ඉකුත් දා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අතර ඊට බලශක්ති අමාත්‍යවරයාගේ සහභාගීත්වය හා එයට සමගාමීව මෙම සාකච්ඡා සංවිධානය කර තිබුණා.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

ඔන්න ලංකාවට Google සමාගමෙන් සුබ ආරංචියක්, මීට පස්සේ මේක නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්

ඔන්න ලංකාවට Google සමාගමෙන් සුබ ආරංචියක්, මීට පස්සේ මේක නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්