අලින්ට වෙඩි තියලා යූටියුබ් දාලා සල්ලි හම්බ කරගන්න වැඩක්
පවතින රජය විසින් ලබාදුන් තුවක්කු භාවිතයෙන් වන අලි ඇතුන් ඝාතනය කරනු ලබන බවට පැන නැගී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින්, නව ආණ්ඩුවක් පත් වූ පසු ගොවි ජනතාවට තුවක්කු බෙදා නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, අලි ඇතුන් වෙත වෙඩි තැබීම සිදුවෙන්නේ මීට පෙර පාලකයින් විසින් බෙදාදුන් තුවක්කු මගින් බවත්, ඒ සඳහා සංවිධානාත්මක ක්‍රියාවලියක් පවතින බවට විශ්වාස කරන බවත්ය.
මෙම තොරතුරු පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශනයක් ආරම්භ කරන ලෙස දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අලි ඇතුන්ට වෙඩි තැබීමේදී එකම ආකාරයට දණහිසෙන් පහළට වෙඩි තබන බවත් දුක් විඳ මිය යෑමට සලස්වා එය භාවිතා කරමින් යූටියුබ් නාලිකා වලට වීඩියෝ මුදා හරිමින් සිටින බවත් ඔහු පවසයි.