පාලමක් කඩා වැටී මන්ත්‍රී ඩිලාන් පෙරේරා අනූ නවයෙන් බේරුණු හැටි (VIDEO)

srilanka video Dilan perera accsident
By Sithumi Oct 17, 2021 05:12 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ දී තිබේ. ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය නිරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේ මෙම ඇදවැටීම සිදුව තිබේ. 

 පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙන් ඔහු පාලම මත බිම ඇද වැටුණි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now