‘Mind your own business’ - කමල් හසන්ට කේන්ති ගිහින්.. ට්‍රම්ප්ට රිදෙන්නම කියයි
ඉන්දීය නළුවා හා දේශපාලනඥ කමල් හසන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විවෘත ලිපියක් යොමු කරමින් ඔහුට "ඔබේම කටයුතු ගැන සැලකිලිමත් වන්න" (Mind your own business) යැයි අවවාද කර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය කළේ X හි පළ කළ විවෘත ලිපියකින් වන අතර, එහිදී ඉන්දියාව "නිදහස් හා ස්වෛරී ජාතියක්" බවත්, දැන් විදේශීය රටවල්වලින් "ඇණවුම්" ලබාගන්නේ නැති බවත් අවධාරණය කර ඇත. ඔහු ට්‍රම්ප්ට කියා සිටියේ "ස්වෛරී ජාතීන් අතර අන්‍යෝන්‍ය ගෞරවයම තිරසර ගෝලීය සාමයේ පදනම" බවත්ය. එසේම එක්සත් ජනපද ජනතාවට සාමය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කර තිබේ.
මෙම ප්‍රකාශය නිකුත් වූයේ එක්සත් ජනපදය විසින් ඉන්දියාවේ රිෆයිනරිවලට රුසියානු බලශක්ති මිලදී ගැනීම සඳහා දින 30ක "තාවකාලික" සහනයක් ලබා දුන් පසුවය. එම සහනය සිකුරාදා (06) නිවේදනය කෙරුණු අතර, මැද පෙරදිග ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම්වලට බලපෑම් ඇති වීම හමුවේ තෙල් ගලා යාම ස්ථාවර කිරීම සඳහා මෙය "තාවකාලික පියවරක්" ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Scott Bessent විසින් ප්‍රකාශ කර තිබේ. මෙම සහනය මගින් සමුද්‍රයේ බෝට්ටුවල රැඳී සිටින රුසියානු තෙල් ඉන්දියාවට මිලදී ගැනීමට ඉඩ සලසා ඇත.
කමල් හසන්ගේ සටහන;
To
The President of the United States of America @POTUS
Dear Mr. President,
We, the people of India, belong to a free and sovereign nation. We no longer take orders from distant foreign shores.
Please mind your own business to the best of your abilities.
Mutual respect between sovereign nations is the only foundation of lasting global peace.
We wish your country and its people peace and prosperity.
Kamal Haasan - A Proud Indian Citizen Founder, Makkal Needhi Maiam
To
— Kamal Haasan (@ikamalhaasan) March 7, 2026
The President of the United States of America @POTUS
Dear Mr. President,
We, the people of India, belong to a free and sovereign nation. We no longer take orders from distant foreign shores.
Please mind your own business to the best of your abilities.
Mutual respect…