විගණනය නොමග යැවූ අම්බුළුවාවේ කෝටි ගණනක ටිකට් ගැහිල්ල.
2021 විගණකාධිපති වාර්තා අනුව අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානයේ මාස ගණනක ප්‍රවේශපත්‍රවල තොරතුරු පුළුස්සා දැමීමෙන් කෝටි ගණනක පාඩුවක් සිදු වී තිබෙනවා.
අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවා අනුව 2021 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා නිකුත් කර ඇති ඇතුලත් වීමේ අවසර පත් කොටස ගිනි තබා විනාශ කර ඇති බව සඳහන්.
ඒ, හේතුවෙන් එම කාලයට තුළ අදාළ ප්‍රවේශ පත්‍රයන් විකිණීමෙන් ලැබූණු ලාභය තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැති බැවි ඇති අතර 2020 වසරේද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබුණු ආදායම රුපියල් අනුපන් ලක්ෂ විසිපන්දහස් පන්සීය හැත්තෑපහක් ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් මේ ගිනි තබා විනාශ කර දැමීම හේතුවෙන් අදායම නිසියාකාරයේ ගණනය කළ නොහැකි බවත්, මෙම විගණන වාර්තාවට අනුව මෙහිදී කෝටි ගණනක වංචාවක් සහ පාඩුවක් සිදු වී ඇති බවත් සඳහන්.
