කිරිපිටි මිල 200කින් වැඩි වෙයි?

Covid 19 Sri lanka Milk powder
By Sithumi Sep 18, 2021 11:09 AM GMT
Sithumi

Sithumi

Report

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ. 

 කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක දී මෙම අනුමැතිය දී තිබේ. 

කෙසේ වෙතත් රජයේ මෙම මිල ඉහළ දැමීම නවතන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙයි මුදල් අමාත්‍යංශය හා පැවති සාකච්චිවේදී කිරිපිටි සමාගම් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා විනිමය අනුපාත ඉහල යාම හේතුවෙන් මෙරට කිරි පිටි කිලෝවක් රුපියල් 340 ක් ඉහල දැමිය යුතු බව වුවද සාකච්චාවේදී එකග වී ඇත්තේ රුපියල් 200කින් මිල ඉහල දැමීමටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now