මිද්දෙණිය කජ්ජාට වෙඩි තැබූ වෙඩික්කරු සියල්ල වමාරයි - බැකෝ සමන් දුන්න කොන්ත්‍රාත්තුවක්ලු!

Crime Branch Criminal Investigation Department
By Shehan Mar 06, 2025 08:23 AM GMT
Shehan

Shehan

Report

පසුගියදා වීරකැටිය, මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මි‍ද්දෙණිය පොලිසිය විසින් කළ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

පට්ටපල් බොරු කියන මාලිමාව වතු කම්කරුවන්ද රැවැට්ටුවා - අයවැයෙන් කිසිම සහනයක් නෑ

පට්ටපල් බොරු කියන මාලිමාව වතු කම්කරුවන්ද රැවැට්ටුවා - අයවැයෙන් කිසිම සහනයක් නෑ

සැකකරු 42 වියේ පසුවන්නෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදිය ගල්වලක සඟවා තිබියදී සොයාගෙන ඇත.

විමර්ශන නිලධාරීන් මෙම තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය.

එම හත්දෙනා අතර පොලිස් කොස්තාපල් දෙදෙනෙක් සහ හිටපු යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ද වෙති.

පොලිස් කොස්තාපල් දෙදෙනා තංගල්ල සහ වීරකැටිය පොලිසිවලට අනුයුක්තව රාජකාරි කරන්නන් වූ අතර එක් අයෙකු පොලිස් මාංචු ලබා දීම සහ අනෙක් කොස්තාපල්වරයා ත්‍රිත්ව ඝාතනය සඳහා ටී 56 පතරොම් 12ක් ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිණි.

දේශබන්දුගේ හැංගිමුත්තම් නාඩගම - තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

දේශබන්දුගේ හැංගිමුත්තම් නාඩගම - තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

ඉකුත් 18 වන දා රාත්‍රියේදී මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර තිබිණි.

සිද්ධියෙන් මරණයට පත්වූයේ මිද්දෙණිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචි අරුණ ප්‍රියන්ත හෙවත් කජ්ජා නමැත්තා සහ ඔහුගේ නව හැවිරිදි දියණිය සහ 6 හැවිරිදි පුතුය.

දරුවන්ට රාත්‍රි ආහාර ලබා දීම සඳහා සිය යතුරුපැදියේ දරුවන් තිදෙනා ම නංවාගෙන ඔහු නිවස ආසන්නයේ හෝටලයකට පැමිණ දරුවන්ට ආහාර ඇණවුම්කර එක් දරුවෙකු එම හෝටලය අසල නතරකොට සෙසු දරුවන් දෙදෙනා ද සමග යතුරුපැදියෙන් වෙනත් අවන්හලකට යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙම තිදෙනා ම මරණයට පත්විණි.

මමත් හරියට දන්නේ නෑ - හතර පහක් ආවා එක්කං ගියා - මර්වින්ගේ බිරිඳ කියන කතාව!

මමත් හරියට දන්නේ නෑ - හතර පහක් ආවා එක්කං ගියා - මර්වින්ගේ බිරිඳ කියන කතාව!

විමර්ශනයේදී හෙළිවන්නේ විදේශගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත මිද්දෙණියේ කජ්ජා ඇතුළු දරුවන් වෙඩි තබා මරා දමා ඇති බව ය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර තංගල්ල භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත මිද්දෙණිය පොලිසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති. 

ReeCha