සුළි කුණාටුව ඉන්දියාවට ගියත් පළාත් කිහිපයකට තද වැසි සහ පැයට කි.මී. 40ක තද සුළං - කාලගුණෙන් හදිසි දැනුම්දීමක්
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘ අර්නබ්’ (Arnab) ඉතා ප්රබල සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමත් සමඟ ශ්රී ලංකාවේ කාලගුණයට එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 ඔක්තෝබර් 28 වැනිදා සවස 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇති වන අතර ප්රදේශ කිහිපයකට තද සුළං ද ඇති විය හැකිය.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වරින් වර වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔක්තෝබර් 31 වෙනිදා බෙංගාල බොක්ක ආයේ රත්වෙයිද? එල්නිනෝ නිසා තවත් කැලඹිල්ලක් එන බවට කාලගුණෙන් හදිසි අනාවරණයක්