විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට දැනුම්දීමක්
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින්, මාසයට එක් වරක් සති අන්ත දිනක කොන්සියුලර් සේවා ලබාදීම ආරම්භ කර තිබේ.
මෙම සේවාව මගින්, සතියේ දිනවල කාර්ය බහුල වීම නිසා දූත මණ්ඩල වෙත පැමිණීමට අපහසු විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට නිවාඩු දිනවල මෙම විශේෂ පහසුකම් සලසනු ලබයි.
පළමු අදියරේදී සේවාව ක්‍රියාත්මක වන රටවල් ලෙස සදහන් වනුයේ
- කොරියාව
- කූවේට්
- මාලදිවයින
- සවුදි අරාබිය
- ඉනාලිය
- ඊශ්‍රායලය
යන රටවල් ය.