බිහිසුණු අනතුරක් - ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටේ
By Ashfa
ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු මියගොස් ඇත.
එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 6දෙනෙකු බේරාගෙන ඇත. එමෙන්ම සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වේ.