වෙඩි තබා 4ක් මරපු පාතාල හිට්මෑන් අපරාධ පැටිකිරියෙන් වමාරයි - ඇඟ කිළිපොලන පාපොච්චාරණය

Report

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරමින් සිටි සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලිවල අවශ්‍යතා මත කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කරමින් පුද්ගලයින් සිවුදෙනෙකු ඝාතනය කළ බව පාපොච්චාරණය කර තිබේ.

මෙම සැකකාර ඝාතකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමේදී ඊයේ (27) දින රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමටද විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

අම්බලන්ගොඩ ඝාතනයේ සැකකරුවන් දේශබන්දුගේ ගෙදරින් හැංගුණාද? ඇත්ත කතාව මෙන්න!

අම්බලන්ගොඩ ඝාතනයේ සැකකරුවන් දේශබන්දුගේ ගෙදරින් හැංගුණාද? ඇත්ත කතාව මෙන්න!

දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවත්වමින් මෙම සැකකරු රට කැළඹූ ඝාතනයන් කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 2024 මාර්තු 11 වැනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය මෙම සැකකරු විසින් සිදුකර ඇති බව හෙළිවී තිබේ. ඔහුගෙන් ලැබුණු තොරතුරු මත මෙම ඝාතනයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 28ක පුද්ගලයෙකුද ඊයේ (27) දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

එසේම, 2025 මැයි 03 වැනිදා මීටියාගොඩ පොලිස් වසමේ ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමද ඔහුගේ ක්‍රියාවක් බව අනාවරණය වී ඇත.

ඊට අමතරව, 2025 නොවැම්බර් 28 වැනිදා මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම ඇතුළු සිදුවීම් කිහිපයකටද මෙම සැකකරු සම්බන්ධ බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

මීටියාගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

ශ්‍රී ලංකා ප්‍රසංගය අවලංගුයි කියලා නිහඬව හිටිය Ne-Yoගෙන් ලොකු පිපිරීමක්

ශ්‍රී ලංකා ප්‍රසංගය අවලංගුයි කියලා නිහඬව හිටිය Ne-Yoගෙන් ලොකු පිපිරීමක්