ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මඟින් රජයේ සහ පෞද්ගලික රෝහල් පද්ධතිය තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය නිසා රෝගීන්ට එම ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් කරයි.
ඒ අනුව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ වෙළඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි කරන බවයි.
එසේම එහිදී නිදසුනක් දක්වමින් ඔහු කියා සිටියේ, ඉන්දියානු රුපියල් 150ක් හෙවත් මෙරට මුදලින් රුපියල් 600ක පමණ සීමාවේ පැවතිය යුතු ‘ලිග්නොකේන්’ (Lignocaine) වර්ගයේ නිර්වින්දන ආලේපනයක්, මේ වන විට රුපියල් 2000කට ආසන්න මිලකට අලෙවි වන බවයි.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ මෙවැනි අසාධාරණ මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසි අධීක්ෂණයක් හෝ වැටලීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.
එමෙන්ම පවතින හිඟයත් සමඟ ලියාපදිංචි නොකළ ඖෂධ බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව වෛද්‍යවරයා එහිදී හෙළි කර ඇත. ඉකුත් දිනවල රේගුව සහ නාවික හමුදාව සිදුකළ වැටලීම් මඟින් මෙය තහවුරු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේම ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රජය මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් මැදිහත් නොවන්නේ නම්, මෙරට රෝගීන්ට ගුණාත්මකභාවයෙන් අඩු බාල ඖෂධ වැඩි මිලට මිලදී ගැනීමට සිදුවන බවත්, එමගින් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වීමේ දැඩි අවදානමක් පවතින බවත් ය.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට