"සල්ලි එපා, කොවිඩ් දින දෙකෙන් සුවයි. කොවිඩ් පාලනයට මෙරටින් සුපිරිම ඖෂධයක් (VIDEO)
Corona virus
Sri lanka
covid 19
By Sithumi
කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව අනුරාධපුරේ රංජිත් විලච්චිය වෙද මහතා සඳහන් කරයි.
ඖෂධය සඳහා තමනට කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත් පවසන ඔහු කොරෝනා යනු ලෙඩක් නොවන බවත් කියයි.
ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළපොතේ වට්ටෝරුය ඉල්ලා සිටි බවත් තමන් බොරු පොත් ටිකක් දී මගහැරී බවත් ඔහු කියා සිටියේය.
ඉන් පසු නැවත දුරකථනයෙන් තමනට අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය. අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.