ප්‍රවීණ මාධ්‍යවේදියෙක් දිවි සැරිය නිම කරයි

Report

 හිටපු ප්‍රධාන පුවත්පත් කර්තෘවරයෙකු මෙන්ම මෙරට ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් මහතා  අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඒ මහතා, ජාතික මට්ටමේ දේශපාලන සහ සමාජීය කරුණු සම්බන්ධයෙන් සිය පන්හිඳ මෙහෙය වූ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය පෞරුෂයක් ලෙසින් හැදින්විය හැකිය.


ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් ගැන පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් ගැන පාඨලීගෙන් සැර ප්‍රකාශයක්