මාධ්‍ය ආයතන 150ක් වසා දමන්න යයි..මාධ්‍යවේදීන් 7000කට වෙච්ච දේ.

World Afgansthan Thaleban Media channels
By Aruna Sep 19, 2021 09:25 AM GMT
Aruna

Aruna

Report

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කරගැනීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 153 ක් පමණ වැසී ගොස් ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ ජනමාධ්‍යවේදීන් 7000ක් පමණ තලේබාන් සංවිධානය විසින් රදවාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇති බවයි.

මීට අමතරව තවත් ජනමාධ්‍යවේදීන් දහස් ගණනක් ජීවිතාරක්ෂාව සදහා සැගවී සිටින බවට ද තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.

මෙහිදී කාන්තා ජනමාධ්‍යවේදිනියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් රැකියා අහිමිවීම මෙන්ම ආරක්ෂාව පිළිබද ගැටලුවලින්ද පීඩා විදින බවත් සදහන් වේ.

අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කරන බවට දිගින් දිගටම ප්‍රකාශ කළ ද ඔවුන් විවිධ බලපෑම්, වධහිංසා පැමිණවීම් සහ ඝාතන හරහා ජනමාධ්‍යවේදීන්ගේ මූලික මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරැ කිරීමට මැදිහත්වන්නැයි එරට ජනමාධ්‍යවේදීන් 150 ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවෙන් පසුගියදා විශේෂ ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now